ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අභිනව කථානායකවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය

දිනය : 2020-08-21

අද (21) උදෑසන පාර්ලිමේන්තුවට වැඩම කළ මහා සංඝරත්නය අභිනව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ආශිර්වාද ලබා දුන්හ.

නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු වැඩම කළ මහා සංඝරත්නය විසින් කථානායකවරයාට ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනය කොට ආශිවාර්ද කළ අතර, නව ධුරයේ වැඩකටයුතු සිදු කිරීමට වැදගත්වන පරිදි අනුශාසනාවක්ද සිදු කරන ලදි.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ  අභිනව රැස්වීම යෙදුණු ඊයේ  දිනයේදී  පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් කථානායක ධූරයට පත්වූ මහින්ද යාපා අබේවර්ධන මහතා මෙරට එකොළොස්වැනි කථානායකවරයා වෙයි.

අබේවර්ධන මහතා 1983  දී හක්මන ආසනය නියෝජනය කර පාර්ලිමේන්තුවට ප්‍රථම වරට පිවිසි අතර, දශක දෙකකට අධික කාලයක් විවිධ අමාත්‍යධූර දරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මීට අමතරව දකුණු පළාත් මහා ඇමති ලෙසද කටයුතු කළ එතුමන් මාතර තෙලිජ්ජවිල  විදුහලේ සහ රාහුල විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙකි. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සදහා කොළඹ විශ්වවිද්‍යාලය  තෝරාගත් ඔහු වෘත්තියෙන් වැවිලිකරුවෙක් ලෙස කටයුතු කරයි.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි