ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජනාධිපතිතුමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

දිනය : 2020-08-20

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (20) ප.ව 03.00 ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට ඒ සඳහා බලය හිමි වේ. එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ද අතිගරු ජනාධිපතිතුමාගේ අතින් සිදුවිය.

ප. ව 02.15 ට ආරාධිත අමුත්තන්ගේ  පැමිණීම සිදු වූ අතර, එහිදී  පළමුවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය  සිදු විය. අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පැමිණීමෙන් පසු,  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම  සිදු වූ අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ එම මැතිණියගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ ඉන් අනතුරුව‍ය.
එහි දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට කටයුතු කළේය.

වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන ගිය අතර, එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජයමංගල ගාථා ගායනා කර අතිගරු ජනාධිපතිතුමාට ආශිර්වාද  කළෝය.

අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත, කටයුතු යොදා තිබූ අතර, ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්විණ. ඒ වෙනුවට එතුමා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදු කළේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි