ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ

දිනය : 2020-08-20

පාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස හෙට (21) දිනයේදී විවාදයට ගැනෙනු ඇත.

මේ අතර ඉදිරි සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.

අනතුරුව ලබන 27 සහ 28 යන දිනවලදී පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටත් එම දින දෙක තුළදී දිවා ආහාර විවේකයෙන් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන යාමටත් පක්ෂ නායකයෝ තීරණය කළහ.

මේ අතර ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා හෙට (21) පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

මෙම පක්ෂ නායක රැස්වීමට සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු උදය ගම්මන්පිල, මහාචාර්ය ගරු තිස්ස විතාරණ, ගරු රවුෆ් හකීම්, ගරු ගයන්ත කරුණාතිලක, ගරු මනෝ ගනේෂන්,  ගරු ඩග්ලස් දේවානන්ද, ගරු රංජිත් මද්දුමබණ්ඩාර, ගරු එම්.ඒ. සුමන්තිරන් සහ ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරු සහභාගී වූහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි