මහින්ද යාපා අබේවර්ධන මහතා අභිනව පාර්ලිමේන්තුවේ ගරු කථානායක ධූරයට |
දිනය : | 2020-08-20 |
පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහින්ද යාපා අබේවර්ධන මහතා කථානායක ධුරයට සුදුසු බවට සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කළ අතර, සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර මහතා එය ස්ථිර කළේය.
අනතුරුව මහින්ද යාපා අබේවර්ධන මහතා කථානායක අසුන වෙත කැඳවා ගෙන යාම ඔවුහු දෙදෙනා සිදු කළෝය.
එහිදී පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ එතුමා නව කථානායකවරයා ලෙස දිවුරුම් දුන්නේය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා කියවීමෙන් අනතුරුව නව කථානායකවරයා තෝරා පත් කර ගැනීම සිදු විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







