පාර්ලිමේන්තු මන්ත්‍රීන් “ඔන්ලයින්” ක්‍රමයට ලියාපදිංචි කිරීම සාර්ථකව අවසන් කෙරේ |
දිනය : | 2020-08-19 |
පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලියාපදිංචිය මාර්ගගත (online) පද්ධතියක් හරහා සිදුකිරීම අගෝස්තු මස 10 – 15 දිනවලදී සිදුවිය. අවසන් දිනය වනවිට සියලුම මන්ත්‍රීන් සිය විස්තර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත යොමුකරනු ලදුව එම ක්‍රියාවලිය සාර්ථකව නිමා කරන ලදී. ලාබාලතම මන්ත්‍රී ගරු ජීවන් තොන්ඩමන් මහතාගේ සිට වයස්ගතම මන්ත්‍රී ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා දක්වා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීන් (දැනට ගැසට් කර ඇති) සිය තොරතුරු මාර්ගගත පද්ධතිය වෙත ඇතුළත් කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපිත කරනු ලබන තොරතුරු කවුළුව වෙත පැමිණි පසු එම මන්ත්‍රීවරයා ඉදිරියේ මෙම ක්‍රියාවලිය සිදුකිරීම සම්ප්‍රදායික ක්‍රමයයි. එහෙත් කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් එල්ල වූ අභියෝග හමුවේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් තම වැඩකටයුතු සඳහා ඩිජිටල් ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී ඇති අතර මෙම මාර්ගගත ලියාපදිංචිය එවැනි එක් මුල පිරීමකි. මෙමඟින් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට නොපැමිණ තම ඡන්ද කොට්ඨාශවල සිටිමින්ම තොරතුරු එවීමට පහසුකම් සැලසුණි.
මෙම ක්‍රියාවලිය ඇරඹෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුව වෙත පත්වූ මන්ත්‍රීන්ගේ නම් ලැයිස්තුව සමඟින් ජාතික හැඳුනුම්පත් අංක එවීමෙන් අනතුරුවය. ලියාපදිංචි වීමේ පද්ධතිය වෙත මන්ත්‍රීන් පිවිසීමේදී ඒ බව පරීක්ෂා කිරීම සඳහා (authenticate) මෙම සීමාසහිත වූ තොරතුරු යොදාගන්නා ලදී. ජීවදත්ත ඇතුළු මන්ත්‍රීවරුන් විසින් ඇතුළත් කරනු ලබන සියලු තොරතුරු මහලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලය විසින් පරීක්ෂා කර තහවුරු කිරීමෙන් පසුව අභ්‍යන්තර පද්ධති වෙත යොමු කරනු ලැබීය. එමඟින් යම් වැරදි තොරතුරක් ඇතුළත් වීම හෝ පද්ධතියේ ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වීම හෝ වැළකුණි.
අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා අගෝස්තු 11 වැනි දින අරලියගහ මන්දිරයේදී මාර්ගගත පද්ධතිය ඔස්සේ සිය විස්තර ලබාදීමෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ විය.
කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් එල්ල වූ අභියෝග ජයගනිමින් අවම කාර්ය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් කාර්යක්ෂම සහ විශ්වාසදායී ආකාරයකින් මන්ත්‍රීවරුන්ගේ තොරතුරු එක්රැස් කිරීමට මෙම මාර්ගගත ලියාපදිංචි කිරීමේ පද්ධතිය හේතුවෙන් හැකියාව ලැබුණි. මන්ත්‍රීන් විසින් ලබාදුන් තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සහ අභ්‍යන්තර පද්ධතිවල දැන් ඇතුළත්ව තිබේ.
මෙම පද්ධතිය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් නිර්මාණය කරන ලදී.

ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






