ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අගමැතිතුමා පාර්ලිමේන්තුවේ “ඔන්ලයින්” අයදුම්පත පුරවා සිය තොරතුරු ලබාදෙයි

දිනය : 2020-08-11

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) අරලියගහ මන්දිරයේදී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් සුළු මොහොතකට පසු පාර්ලිමේනතුව විසින් මන්ත්‍රීවරුන් සඳහා සකස් කර ඇති ඔන්ලයින් අයදුම්පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලෙකම් කාර්යාලය වෙත ලබා දුන්නේය.

ගරු අග්‍රාමාත්‍යවරයා විසින් ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කළ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.

ගරු මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරනු ලැබුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට ඔන්ලයින් ක්‍රමයට තොරතුරු එවීම සඳහා මගපෙන්වීමක් ලබා දෙමිනි.

 කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මේ වන විට ක්‍රියාත්මකව පවතින තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ඔන්ලයින්  ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිදු කෙරෙන අතර,  එහිදී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට නොපැමිණ තම ඡන්ද කොට්ඨාශ වල සිටිමින්ම මෙම කටයුත්ත සිදුකිරීමට හැකියාව ලැබේ.

 

pm-online-registration

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි