ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

"ඔන්ලයින්" අයදුම්පත පුරවා ලබන 15 වැනිදාට පෙර තොරතුරු ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

දිනය : 2020-08-10

1

අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව සියලු මන්ත්‍රීවරයන්ට සිය තොරතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් අයදුම් පත්‍රය සම්පූර්ණ කළ හැකි බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා දන්වා සිටියි. එම අයදුම්පත පිරවීමේ කටයුතු එළඹෙන 15 වැනිදාට පෙර සිදු කළ යුතු බවද ඒ මහතා තවදුරටත් නිවේදනය කර සිටී.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව තුළ මේ වන විට ක්‍රියාත්මකව පවතින තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ඔන්ලයින්  ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීම සිදු කෙරෙන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය. එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහා මෙම වැඩපිළිවෙල හඳුන්වා දුන් බවත් ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවට නොපැමිණ තම ඡන්ද කොට්ඨාශ වල සිටිමින්ම මෙම කටයුත්ත සිදු කළ හැකි බවත් දසනායක මහතා පැවසීය.

ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන්ට https://registration.parliament.lk වෙබ් පිටුව වෙත පිවිස මුරපදය භාවිත කරමින් මෙම අයදුම්පත්‍රය ලබා ගත හැකිවේ. මෙම මුරපදය පිළිබඳ දැනුවත් කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම සහ ඉදිරි කටයුතු සඳහා ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු අනිවාර්ය වන බැවින් හැකි ඉක්මනින් තොරතුරු ලබාදීම සිදු කළ යුතු බවද මහ ලේකම් කාර්යාලය පවසයි.

 

[ මෙතනින් පිවිසෙන්න ]

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි