ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (අගෝ. 03) රැස්වේ

දිනය : 2020-08-02

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 08 වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක හා එහි සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (අගෝ. 03) කථානායක නිල නිවසේදී රැස්වේ.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ගරු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් ඊට එක්වීමට නියමිතය.

මෙහිදී මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම් වල පවතින පුරප්පාඩු හා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
 
ඊට අමතරව මුදල් කොමිසම, සීමා නිර්ණන කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තා ඇගයීමට ලක් කෙරෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි