ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කොවිඩ්-19 අභියෝගයට මුහුණ දීම සදහා පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්

දිනය : 2020-07-22

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 තර්ජනයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව  රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට අවශ්‍ය කරුණු නිරීක්ෂණයට සෞඛ්‍යසේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු  වෛද්‍ය කණ්ඩායමක් අද (22) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක නිරත විය.

මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන  මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාකර ගැනීමට අදාළ වැඩවැඩපිළිවෙලක් සකස්කර ගැනීම සදහා මෙම  නිරීක්ෂණ චාරිකාව සංවිධානය කෙරිණි.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක , නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙම වෛද්‍ය කණ්ඩායම පාර්ලිමේන්තු සභා ගර්භය, මන්ත්‍රී ආලින්දය, මහජන, මාධ්‍ය සහ විශේෂ අමුත්තන්ගේ ගැලරි, මන්ත්‍රී භෝජනාගාර හා පුස්තකාලයද පරීක්ෂාවට ලක් කළහ. මෙයට අමතරව ඔවුහු මුළුතැන්ගෙය, කාර්ය මණ්ඩල ආපනශාලා, විශේෂ අමුත්තන්ගේ භෝජනාගාරය ඇතුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාන ගණනාවක්ද පරීක්ෂාවට ලක් කළහ.  

මෙම පරීක්ෂාවෙන් පසුව වෛද්‍ය කණ්ඩායම සහ පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තුව තුළ දැනට අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියා පිළිවෙත් සහ ඇතිවී ඇති යම් ප්‍රායෝගික ගැටලු පිළිබද දීර්ඝව සාකච්ඡා කරන ලදී.

ඉදිරියේදී කොවිඩ් තත්ත්වය පහව යන තෙක් අමුත්තන් පාර්ලිමේන්තුවට පැමිණීම සීමා කිරීමේ වැදගත්කම වෛද්‍ය කණ්ඩායම මෙහිදී පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවේදී මතුවු කරුණු සහ  නිරීක්ෂණ පදනම් කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් විසින්  ඉදිරි දින කිහිපය ඇතුළත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන  මාර්ගෝපදේශ පදනම් කරගනිමින් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළ සියලු පියවර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී අවධාරණය කළේය.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි