ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කොවිඩ් 19 ගෝලීය වසංගතය පිටුදැකීම සඳහා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සඳහා විශේෂ වැඩසටහනක්

දිනය : 2020-07-22

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින්  සංවිධානය කරන ලද කොවිඩ් - 19 පිටුදැකීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පිළිබඳ විශේෂ වැඩසටහනක් ඊයේ දින (21) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය ප්‍රධාන සම්පත්දායිකාව ලෙස සහභාගී වූවාය.

වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය සඳහන් කළේ “කොරෝනා ගෝලීය වසංගතයට මුහුණ දුන් ලොව බොහෝ රටවල් එය පිටුදැකීමේ මූලික යාන්ත්‍රණය ලෙස PCR පරික්ෂණ වෙත මූලික ප්‍රවේශනය ලබා දී ඒ මත පිහිටා කටයුතු කරන විට, ශ්‍රී ලංකාව මෙම වෛරසය ආසාදනය වූවන් හා ඔවුන්ගේ සියලූම ආශ්‍රිතයන් සොයා යමින්  නිරෝධායනය වෙත යොමු කීරිමේ ක්‍රියා පිළිවෙත අනුගමනය කරමින් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සමත් වූ බවයි.  

වසංගත තත්වය හමුවේ ලොව බොහෝ රටවල කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා ගැනීමට පවා අපහසුව තිබියදී මෙරට සෞඛ්‍ය සේවය ආසාධිතයින් සොයා යමින් ඔවුන් රෝහල් වෙත ගෙන්වා ගෙන ඔවුනගේ ආරක්ෂාව සඳහා කටයුතු කිරීම ප්‍රසංශනීය බව වෛද්‍යතුමිය සඳහන් කළාය.

තවදුරටත් සෑම පුරවැසියෙක්ම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කළ යුතු බවත්, එම ක්‍රමවේදයන්හි ගුණාත්මකභාවය පිළිබඳ වැඩි අවධානය යොමු කිරීමේ වැදගත්කමත් මෙහිදී රණසිංහ මහත්මිය අවධාරණය කළාය.

සෑම විටම විශ්වාසදායක මූලාශ්‍ර මගින් ලැබෙන තොරතුරු මත පිහිටා කටයුතු කිරීමට වග බලාගැනීමත්, යම්  තොරතුරක් තහවුරු කර ගැනීම හා උපදෙස් ලබා ගැනීම සඳහා 1999 දුරකතන අංකය මගින් සිදු කර ගැනීම පිළිබඳවත් මෙහිදී දැනුවත් කිරීම් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල, සහකාර මහලේකම් කුෂාණි රෝහණධීර සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර, පාර්ලිමේන්තු නිල ෆේස්බුක් පිටුව හා zoom තාක්ෂණය ඔස්සේද මෙය සජීවීව විකාශය කරන ලදී.

 

සබැඳිය - https://www.facebook.com/SriLankanParliament/videos/700707657146225/

 

1 2

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි