පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ ආරක්ෂක පෙරහුරුවක් |
දිනය : | 2020-07-14 |
ආරක්ෂක අංශ ගණනාවක සහභාගීත්වයෙන් අද (14) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වු ඒකාබද්ධ ආරක්ෂක පෙරහුරුව සාර්ථකව අවසන් විය. ඒකාබද්ධ ආරක්ෂක පෙරහුරුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ආරක්ෂක අමාත්‍යාංශය , ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය , විශේෂ කාර්ය බලකාය , කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ඇතුළු අදාළ ආරක්ෂක අංශවල මූලිකත්වයෙන් මෙම පෙරහුරුව පැවැත්විය.
පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇතිවිය හැකි හදිසි තත්ත්වයකදී ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග හඳුනාගැනීම මෙම ආරක්ෂක පෙරහුරුවෙහි අරමුණයි. පෙරහුරුව අවසානයේදී ගිනි නිවීමේ පුහුණු අභ්‍යාසයක්ද පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ අනුමැතිය යටතේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ඒකාබද්ධ ආරක්ෂක පෙරහුරුව පැවැත්විණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







