ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අභිනව මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් විශේෂ වැඩසටහනක්

දිනය : 2020-07-08

9 වැනි පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිගැනීම සහ ධාරිතා සංවර්ධනය   සදහා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය මේවන විට විශේෂ වැඩසටහනක්  සැලසුම් කරමින් පවතී. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සදහා විශේෂ රැස්වීමක් අද (08) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් සහ පාර්ලිමේන්තු කටයුතු ,පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබද තෙදින වැඩසටහනක් පැවැත්වීමට මෙහිදී තීරණය විය. තවද පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, ආංශික අධීක්ෂණ කාරක සභා ඇතුළු අනෙකුත් පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධ කටයුතුවලට අදාලව මන්ත්‍රීවරුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල, සහකාර මහලේකම් කුෂාණි රෝහණධීර , සහකාර මහලේකම් (ව්‍යාවස්ථාදායක සේවා) ටිකිරි ජයතිලක මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි