අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ දේහය රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා හෙට පාර්ලිමේන්තු සංකීර්ණයට |
දිනය : | 2020-05-27 |
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ දේහය රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා හෙට (28) පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතය.
තොණ්ඩමන් මැතිතුමාගේ දේහය අවසන් ගෞරව සඳහා හෙට පෙරවරු 10.45 සිට පෙරවරු 11.30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත. අනතුරුව පෙරවරු 11.30ට දේහය පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් රැගෙන යාමට නියමිතය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය.
තොණ්ඩමන් මැතිතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සූදානමින් සිටින සියලුම අමාත්‍යවරුන්ට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, විදේශ තානාපතිවරුන්ට සහ පාර්ලිමේන්තුවට අනුබද්ධ අනෙකුත් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල වලට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ඒ සඳහා පෙරවරු 10.30 වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






