ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

දිනය : 2020-05-27

arumugam-thondamanශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුගම් තොණ්ඩමන් මහතා  ඊයේ (26) අභාවප්‍රාප්ත විය.

1964 මැයි මස 29 වන දින උපත ලබා ඇති ඒමහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය‍යෙකි. එතුමා කම්කරු කොන්ග්‍රසයේ හිටපු නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මුනුබුරා වන අතර 1985 වසරේදි සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස දේශපාලනයට අත්පොත් තැබුවේය.අනතුරුව 1993 වසරේදී කම්කරු කොන්ග්‍රසයේ මූල්‍ය ලේකම්වරයා ලෙසත් 1994 වසරේදී කම්කරු කොන්ග්‍රසයේ මහලේකම්වරයා ලෙසත් හෙතෙම තේරි පත්විය.

කම්කරු කොන්ග්‍රසයේ හිටපු නායක සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු 1999 වසරේදී  එතුමා කම්කරු කොන්ග්‍රසයේ නායකත්වයට පත්විය.
 
1994 වසරේදී ප්‍රථමවරට මහමැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට  තේරී පත්වූ ඒ මහතා මේ වන තෙක් අඛන්ඩව වසර 26ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත්වූ අතර සිය දේශපාලන දිවිය තුළ අමාත්‍යධූර රැසක් හෙබවීය.

දේහය පිළිබද අවසන් කටයුතු ලබන 31 වනදා (ඉරිදා) නුවරඑළියේදි සිදුකිරීමට නියමිතය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි