ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ කටයුතු ඇරඹේ

දිනය : 2020-05-13

රට පුරා ව්‍යාප්ත වූ කෝවිඩ් 19 (COVID 19) වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි සහ සහ අත්‍යවශ්‍ය කටයුතු වලට සීමා කොට තිබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයේ කටයුතු පසුගිය 11 වැනිදා නැවත ආරම්භ කරන කෙරිණි.
 
ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එදින පැවති රැස්වීමේදී අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් සකසන ලද රාජකාරි දින පැවරුම් ලැයිස්තුවකට අනුව අනෙකුත් කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කිරීමට තීරණය විය.

කෝවිඩ් 19 (COVID 19) වසංගත රෝගය පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වන සියලු සෞඛ්‍යාරක්ෂණ ක්‍රියාමාර්ග මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කොට ඇති අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම අරඹා ඇත. මේ අයුරින් ඉදිරි සති කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම මෙහි අරමුණයි.

කෙසේ නමුත් මේ අවස්ථාවේදී අවසර ලත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ප්‍රවේශ වීම සීමා කර ඇත.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි