අටවැනි පාර්ලිමේන්තුවේ කථානායකතුමන්ට, නියෝජ්‍ය කථානායකතුමන්ට, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමන්ට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය උපහාර පිරිනමයි |
දිනය : | 2020-03-06 |
අටවැනි පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් යන මහත්වරුන් වෙත සුබ පැතුම් හා උපහාර පිරිනැමීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (06) පැවැත්වුණි.
පළමුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමග සමුහ ජායාරූපයකට පෙනී සිටීමට ඔවුහු කටයුතු කළහ.
අනතුරුව එතුමන්ලා වෙත උපහාර තිළිණ පිරිනැමීම, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල, සහකාර මහ ලේකම් කුෂාණී රෝහණධීර , සහකාර මහ ලේකම් ටිකිරි කේ.ජයතිලක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.
ගත වූ වසර හතර හමාරක කාලය තුළ, සිය රාජකාරි කටයුතු වලදී ලබා දුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙත ස්තුතිය පළ කිරීමටද ඔවුහු කටයුතු කළහ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග සුහද පිළිසදරක නිරත වීමටද ඔවුහු ක්‍රියා කළහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











