ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 110 කට සම්මාන පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී

දිනය : 2020-02-27

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවට අනුව  2018 වර්ෂයේදී  ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා කථානායක කරූ ජයසූරිය මහතාගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(28)  සිදු කෙරේ. 2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාව 2020.02.18 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට, කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කටයුතු කළේය.

 

2018 වර්ෂයේදී ආයතන 844 ක් ඇගයීමට ලක් වූ අතර, ඉන් තෝරාගත් ආයතන 110 ක් වෙත සම්මාන පිරිනැමීම  සිදුවේ.

 

ඒ අනුව රජයේ විශේෂිත වියදම් ඒකක (ප්‍රධාන) , රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/විශේෂිත වියදම් ඒකක, පළාත් සභා අධිකාරි, මහ නගර සභා , නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ සම්මාන පිරිනැමේ.

 

08 වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහන 2015 මුදල් වර්ෂය පදනම් කරගෙන 2016 වර්ෂයේදී ආරම්භ කළේය.

 

එමෙන්ම රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනේ ප්‍රතිඵල සමාලෝචනය මඟින් ධනාත්මක වර්ධනයන් දක්නට ලැබේ . ඒ අනුව මූල්‍ය  පාලනය හා කාර්ය සාධනය පිළිබඳ නීතිරීතිවලට අනුගතවීම් පිළිබඳ සමස්ත  ප්‍රතිඵලය 2015 ගිණුම් වර්ෂයේදී   64%  ක් වූ අතර, එය 2018 ගිණුම් වර්ෂයේදී 78% ලෙස සටහන් විය.

 

මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යයන් සාධනීය මට්ටමට ගෙන ඒම, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අපේක්ෂාවයි.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි