ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වසර 70 පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය පිළිබද කෘතිය මැතිවරණ කොමිසම කථානායකවරයාට පිළිගන්වයි

දිනය : 2020-02-24

“ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මැතිවරණ 1947 සිට 2015 දක්වා” නම් කෘතිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින්  ගරු කථානායක කරූ ජයසූරිය මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ සිදු කරන ලදී. මෙහි වසර 70 ක පමණ  පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ඇතුළු, තොරතුරු රැසක් අන්තර්ගතය.

 

පොත පිළිගැන්වීමෙන් පසු ඉදිරි  මහමැතිවරණය පිළිබදව  අදහස් දැක්වූ කථානායක කරූ ජයසූරිය මහතා, මැතිවරණ කටයුතු නිරීක්ෂණයට විදේශ නිරීක්ෂකයන් ගෙන්වා ගැනීම කඩිනම් කරන මෙන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය. ඊට අදාළව යුරෝපා සංගමය ඇතුළු අදාළ පාර්ශවයන් කල් ඇතිව දැනුවත් කළයුතු බවද  එතුමා පැවසීය.

 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ජනමාධ්‍යයේ ස්වාධීනත්වය හා සාධාරණත්වය සහතික කරලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද හෙතෙම, මැතිවරණ කොමිසමෙන් වැඩිදුරටත්  ඉල්ලා සිටියේය. ගත වූ කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු වෙනුවෙන් කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා, මහලේකම්තුමා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැක්වු සහයෝගය අතිශයින් අගය කරන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී  පැවසීය.

 

මේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල යන මහත්වරු ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෝ කිහිපදෙනෙක් එක්ව සිටියහ.

 

1

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි