රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ නම් කෙරෙති |
දිනය : | 2020-02-05 |
|
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්ගේ නම් ගරු කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් එහි සාමාජිකයෝ පත් කරනු ලැබූහ.
ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රංජිත් සියඹලාපිටිය, සුසන්ත පුංචිනිලමේ, තාරක බාලසූරිය, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද, ඩිලාන් පෙරේරා, බිමල් රත්නායක, මයන්ත දිසානායක, මුජිබුර් රහුමාන්, මහාචාර්ය ආශු මාරසිංහ, ආචාර්ය එස්.එම්. මොහමඩ් ඉස්මායිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද රජයේ මුදල් පිළිබද කාරක සභාවට ඇතුළත් වේ.