රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයෝ පත් කරති |
දිනය : | 2020-02-05 |
|
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් පත් කර තිබේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කරනු ලැබීය . ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තුවේදී අද (05) සිදු විය.
පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්ද, වාසුදේව නානායක්කාර, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් හා උදය ප්‍රභාත් ගම්මන්පිල, පාලිත රන්ගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, සෙය්යිඩ් අලී සාහීර් මවුලානා, බුද්ධික පතිරණ, එස්. ශ්‍රීතරන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඇතුළත්ය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් ද පත්කර තිබේ.
අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන අමාත්‍යවරුන් සහ රාවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, සුනිල් හදුන්නෙත්ති, මාවෙයි එස්.සේනාධිරාජා, ඩී.වී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස පත් කර ඇති සාමාජිකයන් වේ. මෙම කාරක සභා 02 හි සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කිරීමට නියමිතය.