ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි |
දිනය : | 2020-01-22 |
|
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා ජනවාරි 20 වනදා සිට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ඉල්ලා අස්වී තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ජයම්පතී වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ආ) වගන්තිය යටතේ සිය අත්සනින් යුත් ලිපියක් ඉදිරිපත් කරමින් මෙලෙස මන්ත්‍රීධූරයෙන් ඉවත්වී තිබේ. එම ලිපියේ තවදුරටත් සඳහන් කර තිබුණේ තමා මන්ත්‍රී ධූරය දැරූ කාලසීමාව තුළ තමන් වෙත දැක්වූ සහයෝගය පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වන බවයි.