පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව නම් කෙරේ

දිනය : 2020-01-20

Print

පාර්ලිමේන්තුවේ "කෝප්" කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව හෙට (21) ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

 

එම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරුන් 17 දෙනෙක්ගෙන් සමන්විතය. එම මන්ත්‍රීවරුන්ගේ නම් පහත පළවන අතර එහි පළමු රැස්වීම හෙට පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.

 

ගරු චමල් රාජපක්ෂ, ගරු නිමල් සිරිපාල ද සිල්වා, ගරු දිනේෂ් ගුණවර්ධන, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු මහින්ද සමරසිංහ, ගරු ගාමිණී ලොකුගේ, ගරු මහින්ද යාපා අබේවර්ධන, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු ජෝන් අමරතුංග, ගරු විජිත හේරත්, ගරු රිෂාඩ් බදියුදීන්, ගරු පාඨලී චම්පික රණවක, ගරු මනෝ ගනේෂන්, ගරු නිරෝෂන් පෙරේරා, ගරු මාවෛ සේනාධිරාජා යන මහත්වරු මෙම තේරීම් කාරක සභාවට අයත් වෙති.

 

එම මන්ත්‍රීවරුන් 17 දෙනා පවත්නා සභාවාරය තුළදී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතුය.