පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම 2020 ජනවාරි 23 දා

දිනය : 2020-01-20

Print

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් 2020 ජනවාරි 23 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතය.

 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව වෙතයි.

 

කථානායකවරයා මෙම සභාවේ සභාපති ධුරය දරන අතර, එහි සාමාජිකත්වය දරන සාමාජිකයන් දස දෙනා අතර අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ප්‍රධාන වේ.