උසස් පෙළ සමත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 50ක් |
දිනය : | 2019-11-15 |
|
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මාටේරි මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා කථානායක කරු ජයසූරිය මහතා මුණගැසුණි. කුමන තත්වයකදී වුවද ශ්‍රී ලංකාව සමග පැවති දීර්ඝ කාලීන ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් පවත්වාගෙන යාම තම රටෙහි අපේක්ෂාව බව මෙහිදී රුසියානු තානාපතිවරයා පැවසීය. මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙරට උසස් පෙළ සමත් දරුවන් සඳහා 2020 ජනවාරියේදී රුසියානු ශිෂ්‍යත්ව 50ක් ලබා දීමට රුසියානු රජය සූදානමින් පසුවන බවද ඒ මහතා සඳහන් කළේය. මෙහිදී කථානායකවරයා ශ්‍රී ලංකා රජය සහ පාර්ලිමේන්තුව සමග රුසියානු රජය පවත්වන මිත්‍රත්වය වෙනුවෙන් සිය ස්තූතිය පල කර සිටියේය.
ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය රුසියානු තානාපති අලෙක්සෙයි බුඩානෝව් මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ ලේකම් සහ ශ්‍රී ලංකාවේ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ඇනෙස්ටේෂියා වී. කොක්ලෝවා මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූහ. ගරු කථානායක කරු ජයසූරිය මහතා රුසියානු තානාපතිවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.