පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරය 11 වැනිදා

දිනය : 2019-11-08

Print

ස්ථාවර නියෝග 16 යටතේ අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන නොවැම්බර් 11 වනදා පෙරවරු 11.30 සි‍ට පැවැත්වීමට තීරණය කර ඇත. කථානායක ගරු කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ අංක. 2148/30 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නොවැම්බර් 07 වැනිදා නිකුත් කරන ලදී.