ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු කථානායකතුමා මුණගැසේ

දිනය : 2019-10-31

Print

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ලී හියොන් මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක කරු ජයසූරිය මහතා මුණගැසුනේය. එම තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග පැමිණි තනාපතිවරයා ශ්‍රී ලංකාව සමග පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බව පැවසීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ද සහභාගි විය. මෙම හමුවෙන් පසු කථානායක කරු ජයසූරිය මහතා තානාපති නිලධාරීන් වෙනුවෙන් දිවා ‍භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

 

1