යුරෝපා සංගමයේ මහ කොමසාරිස් කථානායක හමුවෙයි

දිනය : 2019-10-18

Print

යුරෝපා සංගමයේ තම ධුර කාලය නිමවා ආපසු සිය රට බලා යාමට නියමිත මහ කොමසාරිස් ටුන්ග්-ලයි මාග් මහතා ඊයේ (17) කථානායක කරු ජයසූරිය මහතාව පාර්ලිමේන්තුවේදී මුණගැසුනේය.

 

එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීල් ඉද්දවල මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා සහභාගී වූහ.

 

මේ අතර ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා, ඉතාලි තානාපතිනි රීටා ගිලියානා මහත්මිය, නෙදර්ලන්ත තානාපතිනි ටන්යා ගොන්ග්රි මහත්මිය සහ නෝර්වේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිනි මොනිකා ස්වෙන්ස්කර්ඩ් මහත්මිය ද යුරෝපා සංගම් මහකොමසාරිස්වරයා සමග මෙම අවස්ථාවට එක් වූහ. මෙම හමුවීමෙන් පසු කථානායකවරයා විසින් තානාපතිවරුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.

 

1 2