අලුතින් නවීකරණය කරන ලද මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම

දිනය : 2019-09-30

Print

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදීන්ගේ පහසුව උදෙසා අලුතින් නවීකරණය කරන ලද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය 2019 සැප්තැම්බර් මස 30 වැනිදා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා විසින් විවෘත කරන ලදී.

 

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු නියෝජිතායතනයෙහි (USAID) ආධාර යටතේ නවීකරණය කරන ලද මෙම මාධ්‍ය මධ්‍යස්ථානය, සියලු පහසුකම් සපිරි රූපවාහිනී හා ගුවන් විදුලි මැදිරියක්, ශ්‍රව්‍ය හා දෘශ්‍ය මිශ්‍රකයක්, ‍ෆැක්ස් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර සහ අන්තර්ජාල පහසුකම් වලින් සමන්විතය. මෙමඟින් පාර්ලිමේන්තු රැස්වීම් සහ කාරක සභා රැස්වීම් ආවරණයෙහි නියුතු පාර්ලිමේන්තු වාර්තාකරුවන්ට තමන් කටයුතු කරන ස්ථානයේ සිටම එම කාර්යයන් ඉටුකළ හැකිවනු ඇත. පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාව වෙත වඩාත් සමීප කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.

 

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු නිලධාරීන්, පුවත්පත් සංස්කාරකවරුන්, විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

1 2

 

34