ළමුන් සඳහා වන 3 වැනි දකුණු ආසියානු පාර්ලිමේන්තු පීඨිකා රැස්වීම |
දිනය : | 2019-08-29 |
|
2019 සැප්තැම්බර් 2 හා 3 දිනවල දී, යුනිසෙෆ් සමඟ සහයෝගයෙන් 3 වන දකුණු ආසියානු පාර්ලිමේන්තු පීඨිකා රැස්වීම (3rd South Asia Parliamentarian Platform Meeting) ශ්‍රී ලංකාවේ දී පවත්වනු ඇත. වැඩසටහනේ පළමු දින වන සැප්තැම්බර් 2 වන දින රැස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, ගරු කරු ජයසුරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උදේ 9.30 සිට පාර්ලිමේන්තුවේ කාරක සභා අංක 1 හි පැවැත්වෙන අතර, දෙවන දින වැඩසටහන සැප්තැම්බර් 2 දින උදයවරුවේ සිට කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.
ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 30 වන සංවත්සරය සහ ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසඳයේ 5 වන සංවත්සරය සනිටුහන් කරමින්, මෙම රැස්වීමේ දී දකුණු ආසියාවේ ළමුන් සඳහා ලබා ඇති ප්‍රගතිය සහ නිම නොකළ න්‍යාය පත්‍රයන්හි වර්තමාන තත්ත්වය සහ සියලු දරුවන්ගේ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන අභියෝග ඉස්මතු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.