පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා කාමරයෙහි සවි කරන ලද විකාශන ගුණත්වයෙන් යුතු කැමරා පද්ධතිය භාරදීම |
දිනය : | 2019-08-15 |
|
පාර්ලිමේන්තු සංකීර්ණයේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා කාමර අංක 05 හි සවිකරන ලද විකාශන ගුණත්වයෙන් යුතු කැමරා පද්ධතිය භාරදීම සනිටුහන් කිරීම පිළිබඳ උත්සවය 2019 අගෝස්තු මස 09 වැනි සිකුරාදා පැවැත්විණි. පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා අතින් එම පද්ධතිය විවෘත කරන ලද අතර, නියෝජ්‍ය කථානායක ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, කාරක සභාවේ සභික මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ද එම අවස්ථාවට සහභාගී වූහ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්වීම් මෙදින සිට මාධ්‍යට විවෘත වේ.