අභිනවයෙන් පත්කරන ලද ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් / මහකොමසාරිස්වරුන් හා ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ විදෙස් තුල්‍යයන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා 2019 අප්‍රේල් මස 24 වැනිදා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ. ඔවුන් ගරු කථානායකතුමා හමුවීමෙන් පසුව දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.