මතින් නිදහස් රටක් වෙනුවෙන් ‘බක්මහ දිවුරුම’

දිනය : 2019-04-03

Print

මතින් නිදහස් රටක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් ‘බක්මහ දිවුරුම’ දීමේ වැඩසටහන අද දින නියෝජ්‍ය කථානායක ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල දී පැවැත්විණි.

 

නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා, පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමා, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

1 2

3 4

 

5 6