කථානායක කරු ජයසුරිය මහතාට මල්වතු මහා විහාරයෙන් ගෞරව සම්මානයක්

දිනය : 2019-03-21

Print

thumbකථානායක ගරු කරු ජයසුරිය මහතාට මල්වතු මහා විහාර පාර්ශවයේ අති පූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් “ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී” ගෞරව නාමය ප්‍රධානය කරන ලදී. ඊට අදාළ සන්නස් පත‍්‍රය ප‍්‍රදානය කිරීම සිදුකෙරුණේ මාර්තු මස 19 වැනි දින මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේදී යි.

 

මීට පෙර ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙන් “විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමයද, “සාරාර්ථ දර්ශී ජනතා නායක” ගෞරව නාමයද කරු ජයසුරිය මහතා වෙත ප්‍රධානය කෙරුණි.

 

ජපන් අධිරාජ්‍යයා වෙතින් ප්‍රධානය කරන ජපානයේ ප්‍රධානතම ගෞරව සම්මානය වන “Rising Sun” (උදාවන සූර්යා) සම්මානය ද පසුගිය වසරේ දී  කරු ජයසුරිය  මහතා වෙත පිරිනැමිණි. ඉන්දියාවෙන් 2017 වසරේ දී “විශ්ව සාම” සම්මානය ද, පසුගියදා අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනමන “Pride Of Asia” (ආසියාවේ අභිමානය) සම්මානය ද එතුමා වෙත පිරිනමනු ලැබීය.

 

1 2

3 4

5