ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2019 ජනවාරි මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2019-01-25

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන්
‘B’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
‘C’ :  විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සම්බන්ධයෙන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 58 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 39 වගන්තිය යටතේ විදේශීය කොන්ත්‍රාත්කරුවන් තාවකාලිකව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අගෝස්තු 23 දිනැති අංක 2085/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(ii)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 58 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 38 වගන්තිය යටතේ හඳුනාගත් ඉදිකිරීම් වැඩ සඳහා කාර්ය පටිපාටි සහ ප්‍රමිති සම්බන්ධයෙන් නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අගෝස්තු 23 දිනැති අංක 2085/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විජිත හේරත් මහතා          
(ii)   ගරු සුසන්ත පුංචිනිලමේ මහතා          -       පෙත්සම් තුනයි       
(iii)  ගරු නිහාල් ගලප්පත්ති මහතා           -       පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු අනුර දිසානායක මහතා
රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මිලට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම    


(ii)   ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවීම

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

කල් තැබීමේ යෝජනාව

“පළාත් සභා මැතිවරණ පැවැත්වීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ඩලස් අලහප්පෙරුම මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1645 ට 2019 පෙබරවාරි මස 5 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි