ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2019 ජනවාරි මස 23 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2019-01-23

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVII කොටස සහ තෙවැනි කාණ්ඩයේ IX කොටස;  සහ
  • 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ II, III හා IV කොටස්, තෙවැනි කාණ්ඩයේ III කොටස, අටවැනි කාණ්ඩයේ II කොටස සහ දසවැනි කාණ්ඩයේ XXII, XXIII, XXIV, XXVII, XXVIII හා XXIX කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 

(ii)   1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 12(1) වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 මැයි 25 දිනැති අංක 2072/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම - 2018

(iii)   2015 සහ 2016 වර්ෂ සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු එස්. ශ්‍රීතරන් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)   ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණා මහතා  වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඩිලාන් පෙරේරා මහතා                    
(ii)   ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා
(iii)  ගරු එස්. ප්‍රේමරත්න මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බලපා ඇති ‘සේනා’ දළඹු උවදුර සම්බන්ධයෙන් 2019.01.22 දින ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු පී. හැරිසන් මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ණය සහනදායක (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මන්නාරම පල්ලිමුනෛ ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ජීවනෝපාය නඟාසිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1912 ට 2019 ජනවාරි මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි