2019 ජනවාරි මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2019-01-08 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු කුඩා විදානලාගේ ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීම
‘B’ : විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන්
‘C’ : සභාපති නාමාවලියට නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව
- 2018 වර්ෂයේ පළමුවැනි කාර්තුව (2018.01.01-2018.03.31) සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
- 2018 වර්ෂයේ දෙවැනි කාර්තුව (2018.04.01-2018.06.30) සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(iv) 2015 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව
(v) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
සේවක නොසන්සුන්තාවය හේතුවෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයේ ඇතිවී ඇති ගැටලුකාරී තත්වය
පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා වලට සභාව එකඟ විය -
(i) තේරීම් කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පවත්නා සභා වාරයේ සේවය සඳහා තේරීම් කාරක සභාව, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහහත් දෙනෙකුගෙන් (17) සමන්විත විය යුතු ය
(ii) තේරීම් කාරක සභාව
අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව සහ 2018 නොවැම්බර් 23 වැනි දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ට අතිරේකව, පහත නම් සඳහන් සාමාජික මන්ත්‍රීවරයන් පස්දෙනා (05) පවත්නා සභා වාරය තුළදී මෙකී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතුය:—
ගරු ජෝන් අමරතුංග මහතා
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ගරු තලතා අතුකෝරල මහත්මිය
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
(iii) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් දහතුන් දෙනෙකුගෙන් (13) සමන්විත විය යුතු ය
(iv) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහතුන් දෙනෙකුගෙන් (13) සමන්විත විය යුතු ය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
තානාපති වරප්‍රසාද පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1927 ට 2019 ජනවාරි මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






