ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 දෙසැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-12-18

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත්කිරීම
‘B’ :  විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත්කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික කාර්ය වැඩසටහන
(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 වර්ෂයේ දෙවැනි කාර්තුව (2018.04.01 - 2018.06.30) සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(iii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 වර්ෂයේ පළමුවැනි කාර්තුව සඳහා (2018.01.01 - 2018.03.31) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව; සහ
(iv)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 වර්ෂයේ පළමුවැනි කාර්තුව සඳහා (2018.01.01 - 2018.03.31) සහ දෙවන කාර්තුව (2018.04.01 - 2018.06.30) සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ වාර්තා

 

කල් තැබීමේ යෝජනාව

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1630 ට 2018 දෙසැම්බර් මස 19 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි