ගරු රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනා‍ව සම්මත වේ

දිනය : 2018-12-12

Print

ගරු රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාවක් ඡන්ද වීමසීමක් පැවැත්වීමෙන් අනතුරුව සභාව විසින් සම්මත කරන ලදී. ඊට පක්ෂව ඡන්ද 117 ක් ද, විරුද්ධව ඡන්ද 0 ක් ද ප්‍රකාශ විය.

 

අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන එම යෝජනාව ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර ගරු මංගල සමරවීර මහතා විසින් ස්ථිර කරන ලදී. එය පහත පරිදි වේ:

 

“පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට මෙම සභාව යෝජනා සම්මත කරයි”