පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පාසල් යන දූ දරුවන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය |
දිනය : | 2018-12-12 |
|
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන්ගේ පාසල් යන දූ දරුවනට ශිෂ්‍යත්ව සහ පොත්පත්, පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් පිට පිට දෙවැනි වරටත් පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ අනුග්‍රහයෙන් හා සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 11 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. 2017 වසරේදී මුල්වරට පැවැත්වුණු මෙය සංවිධානය කරන ලද්දේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සුබසාධන හා විශේෂ ව්‍යාපෘති කමිටුව විසිනි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන්ට පාසල් උපකරණ, පොත්පත්, පාසල් බෑග්, පාවහන් ආදිය සඳහා වවුචර පත් පිරිනමන ලද අතර, ජාතික මට්ටමේ විභාගවල දී උසස් දක්ෂතා දැක්වූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනික හා බාහිර ක්‍රියාකාරකම් කටයුතු දිරිමත් කිරීමේ අභිප්‍රායෙන් ඔවුනට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
නියෝජ්‍ය කථානායක ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමා, සහකාර මහලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ දරුවන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.