තේරීම් කාරක සභාව පත් කෙරේ

දිනය : 2018-11-23

Print

පාර්ලිමේන්තුව අද දින තේරීම් කාරක සභාව (ස්.නි. 114) පත්කළේය. ගරු කථානායකතුමා විසින් මෙම කාරක සභාවේ කටයුතු කිරීම සඳහා මන්ත්‍රීන්ගේ නම් යෝජනා කිරීමෙන් අනතුරුව, ඒ සඳහා ඡන්ද විමසීමක් පවත්වා සභාව විසින් අනුමත කරන ලදී (පක්ෂව 121; විරුද්ධව 0).

 

ආංශික අධීක්ෂණ කාරක සභාවල සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, ඒවායේ කර්තව්‍ය සහ ගණපූරණය තීරණය කරනු ලැබීම සඳහා ද ඒ සම්බන්ධව සිය මතය හැකි පමණ ඉක්මනින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබීම සඳහා ද විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවල සේවය කිරීම සඳහා ද මන්ත‍්‍රීවරයන් නම් කරනු පිණිස සෑම සභාවාරයක් ආරම්භයේ දී ම, තේරීම් කාරක සභාව පත්කරනු ලැබේ. එය කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව සාමාජික මන්ත‍්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වේ.

 

කාරක සභාවේ සභික මන්ත්‍රීන් පහත පරිදි වේ:-

  • ගරු කරු ජයසූරිය මහතා (සභාපති)
  • ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
  • ගරු එස්. බී. දිසානායක මහතා
  • ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
  • ගරු මහින්ද සමරසිංහ මහතා
  • ගරු විමල් වීරවංශ මහතා
  • ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
  • ගරු රවුෆ් හකීම් මහතා
  • ගරු රිසාඩ් බදියුදීන් මහතා
  • ගරු මනෝ ගනේසන් මහතා
  • ගරු පාඨලී චම්පික රණවක මහතා
  • ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා
  • ගරු විජිත හේරත් මහතා