ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 නොවැම්බර් මස 14 වැනි දින සභාවේ කටයුතු - අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කිරීම

දිනය : 2018-11-14

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා රැස්වීම කැඳවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශන තුන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් කියවන ලදී.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  “ත්‍රස්තවාදය වැළැක්වීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය  
‘B’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම

 

අද දිනය සඳහා ස්ථාවර නියෝග අත්හිටුවිය යුතු බවට පිළිවෙළින් ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ඉදිරිපත් කරන ලදුව ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලද යෝජනාවට සභාව එකඟ විය.

 

2018 ඔක්තෝබර් 26 වැනිදා හෝ ඉන්පසුව හෝ පත්කළ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා එලෙස පත් කරන ලද්දා වූ ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව

පිළිවෙළින් ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදුව ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලද යෝජනාව “පක්ෂයි” සහ “විරුද්ධයි” යනුවෙන් කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1026 ට 2018 නොවැම්බර් මස 15 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි