2018 ඔක්තෝබර් මස 12 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-10-12 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2018 වර්ෂයේ පළමු කාර්තුව (2018.01.01 - 2018.03.31) සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2015-2018 කාලසීමාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු වජිර අබේවර්ධන මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු නවීන් දිසානායක මහතා
(iii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් හතයි
(iv) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් 2018.09.21 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු අර්ජුන රණතුංග මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත
විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.
කල් තැබීමේ යෝජනාව
“ගරු මහත්මා ගාන්ධි ශ්‍රීමතාණන්ගේ 150 වැනි ජන්මදින සංවත්සරය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2018 ඔක්තෝබර් මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






