2018 ඔක්තෝබර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-10-11 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(ii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව
(iii) 2016 සහ 2017 වර්ෂ සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා
(iv) 2017 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) ශ්‍රී ලංකා ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය - 2018
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු කබීර් හෂීම් මහතා
(ii) ගරු සිසිර ජයකොඩි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන ලබාදීම
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය, ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
‘සයිටම්’ සිසුන්ගේ වත්මන් තත්වය
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වූ
“රසායනික අවි සම්මුතිය පිළිබඳ (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග දෙකක්
(iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මහවැලි ‘L’ කලාපයේ ඉඩම් පවරා ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1832 ට 2018 ඔක්තෝබර් මස 12 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






