2018 සැප්තැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-09-21 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
‘B’ : කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
‘C’ : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
‘D’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 මැයි 31 දිනැති අංක 2073/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජුනි 08 දිනැති අංක 2074/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජුනි 14 දිනැති අංක 2075/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පෙත්සම් පිළිගැන්වීම
ගරු රවී කරුණානායක මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
උතුරු පළාතේ බෞද්ධ හා පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශය
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ජනපති ජංගම සේවාව සඳහා ජනතාවගෙන් මුදල් එකතු කිරීම
ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු වජිර අබේවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(iii) ගරු අනුර දිසානායක මහතා
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම
පාර්ලිමේන්තු සේවය අත්හිටුවීම
පහත සඳහන් මන්ත්‍රීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ට ඡන්ද විමසීම් පැවැත්වීමෙන් අනතුරුව සභාව එකඟ විය.
- ගරු ප්‍රසන්න රණවීර මහතා, පා.ම. - (පක්ෂව 41; විරුද්ධව 21)
- ගරු විමල් වීරවංශ මහතා, පා.ම. - (පක්ෂව 39; විරුද්ධව 21)
ශෝක ප්‍රකාශ යෝජනා
පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු එච්. එම්. උපතිස්ස සිල්වා මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු එම්. තිලකරත්න මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු මංගල මුණසිංහ මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කංචන විජේසේකර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1616 ට 2018 ඔක්තෝබර් මස 9 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






