ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 සැප්තැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-09-18

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘B’ : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පිළිබඳව
‘C’ : පාර්ලිමේන්තුවේ ගණපූරණය පිළිබඳව
‘D’ : වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පිළිබඳව
‘E’ : පාර්ලිමේන්තුවේ කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම

‘F’ : කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම

පහත සඳහන් ආංශික අධීක්ෂණ කාරක සභාවන්හි සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම -
‘G’ : කෘෂිකර්මය සහ ඉඩම්
‘H’ : ප්‍රතිසන්ධාන හා උතුර හා නැගෙනහිර නැවත ගොඩනැඟීම
‘I’  : ජාත්‍යන්තර සබඳතා

‘J’ : නගර සැලසුම් හා ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත්කිරීම
‘K’ : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
‘L’ : ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
‘M’ : පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක  සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම  
‘N’ : ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම  
‘O’ : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
‘P’ : ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
‘Q’ : ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
‘R’ : කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
‘S’ : තරුණ, ක්‍රීඩා, කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ VIII කොටස; සහ
  • 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXI කොටස, තෙවැනි කාණ්ඩයේ IX කොටස සහ නවවැනි කාණ්ඩයේ VI කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2015 වර්ෂය සඳහා සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii)    201‍3 වර්ෂය සඳහා වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii)   201‍6 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)   201‍6 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(v)    201‍6 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vi)   201‍6 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(vii)  201‍6 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ වාර්ෂික වාර්තාව
(viii) 201‍6 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ දොළොස් වැනි වාර්ෂික වාර්තාව
(ix)   201‍6 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව
(x)    2016 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(xi)   201‍6 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව

(xii)  201‍7 වර්ෂය සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiii) 201‍7 වර්ෂය සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xiv)  2016 වර්ෂයේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xv)   2016 වර්ෂයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi)  2016 වර්ෂයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvii) 2016 වර්ෂයේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ, අධිකරණ පරිපාලන දෙපාර්තමේන්තුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ, මහා භාරකාර දෙපාර්තමේන්තුවේ, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ සහ ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

(xviii)  1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) වගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු  එකී පනතේ 20 වගන්තිය යටතේ ආනයන හා අපනයන (පාලන) නියෝග සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අගෝස්තු 10 දිනැති අංක 2083/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ලසන්ත අලගියවන්න මහතා          
(ii)   ගරු එඩ්වඩ් ගුණසේකර මහතා                  
(iii)  ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා                       
(iv)  ගරු සුසන්ත පුංචිනිලමේ මහතා                 -       පෙත්සම් දෙකයි    
(v)   ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා         -       පෙත්සම් පහයි
(vi)  ගරු සන්දිත් සමරසිංහ මහතා             

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ජනාධීපතිවරයා ඝාතනය කරවීමේ සැලසුම

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -

(i)   ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත
(ii)  ගුවන් සේවා පනත යටතේ නියෝග

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1803 ට 2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි