2018 සැප්තැම්බර් මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-09-05 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii) 2015 වර්ෂය සඳහා සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව
(iii) 2015 වර්ෂය සඳහා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iv) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(v) 2016 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vi) 2016 වර්ෂය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vii) 2016 වර්ෂය සඳහා කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii) 2016 වර්ෂය සඳහා කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix) 2016 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු තිලක් මාරපන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු හේෂා විතානගේ මහතා
(ii) ගරු අනුර දිසානායක මහතා
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු විජිත හේරත් මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
තැපැල් කාර්යාල ආඥාපනත යටතේ ව්‍යවස්ථා
සභාව විසින් අනුමත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1656 ට 2018 සැප්තැම්බර් මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






