ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 අගෝස්තු මස 23 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-08-23

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
‘B’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXV කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)   2013 සහ 2014 වර්ෂ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා
(iii)  2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(iv)  2016 වර්ෂය සඳහා උද්භිද උද්‍යාන භාර අරමුදලේ වාර්ෂික වාර්තාව

(v)    2017 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික ප්‍රගති වාර්තාව
(vi)   2017 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii)  2016 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii) 2012, 20132015 සහ 2016 වර්ෂ සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා
(ix)   2017 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(x)    2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 11(1)(ආ), 17(2) සහ 31 (ඈ), (ඉ), (ඊ), (උ) සහ (ඌ) වගන්ති සමඟ කියවිය යුතු එකී පනතේ 117(2)(එ) වගන්තිය යටතේ  සිවිල් ගුවන් සේවා නිරුපද්‍රිතතා කළමනාකරණ නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අප්‍රේල් 05 දිනැති අංක 2065/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xi)    2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 අප්‍රේල් 06 දිනැති අංක 2065/42  දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xii)    2016 වර්ෂයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24අ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, කළමණාකරනය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 1985 දෙසැම්බර් 24 දිනැති අංක 381/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(xiv)    1995 අංක 1 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනතින් අවසන්වරට සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24අ වගන්තිය සමඟ කියවිය යුතු 24ආ වගන්තිය යටතේ  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය සඳහා වූ ආයතනයක් ලෙස පිළිගනිමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 1995 පෙබරවාරි 23 දිනැති අංක 859/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24අ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 1996 ජනවාරි 16 දිනැති අංක 906/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24අ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 1998 ඔක්තෝබර් 22 දිනැති අංක 1050/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24අ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, තාක්ෂණ විද්‍යා ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2000 මාර්තු 03 දිනැති අංක 1121/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24අ (1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධි අධ්‍යායනායතනය පිහිටුවීම සම්බන්ධයෙන් සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, 1987 සැප්තැම්බර් 14 දිනැති අංක 471/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය ප්‍රත්‍යාදිෂ්ට කරමින් තෘතියික අධ්‍යාපන හා පුහුණු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2002 අගෝස්තු 21 දිනැති අංක 1250/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(xix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24අ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා, කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණික සහ ග්‍රාමීය විද්‍යා ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2008 ඔක්තෝබර් 10 දිනැති අංක 1570/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xx)    2016 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxi)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජූලි 24 දිනැති අංක 2081/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)   රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා                    
(ii)   ගරු හර්ෂණ රාජකරුණා මහතා       
(iii)  ගරු චමින්ද වි‍ජේසිරි මහතා     
 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය අර්ධද්වීපයේ ප්‍රචණ්ඩ ක්‍රියා

(ii)    ගරු අනුර දිසානායක මහතා
චන්ද්‍රදාස නයිදුවාවඩු සහ නන්දන බාලගේ ඝාතන සම්බන්ධ පරීක්ෂණ

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉහත ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ය.

 

 

අංක. 29 දරන අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 66 වශයෙන් සඳහන් වූ “ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත ගරු ටී. රංජිත් ද සොයිසා මහතා විසින් සභාවේ අවසරය ඇතිව ඉල්ලා අස්කර ගන්නා ලදී.


අංක. 29 දරන අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 27 වශයෙන් සඳහන් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් සභාවේ අවසරය ඇතිව ඉල්ලා අස්කර ගන්නා ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -

(i)    සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)   අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii)  නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් තුනක්

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සමෘද්ධිලාභී පවුල්වල දරුවන්ට ජපන් ශිෂ්‍යත්ව පිරිනැමීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1831 ට 2018 අගෝස්තු මස 24 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි