2018 අගෝස්තු මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-08-10 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : 2018.08.09 දින “සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සහ කාරක සභා අවස්ථාව අතරතුර ඇතැම් මන්ත්‍රීවරුන් කටයුතු කළ ආකාරය
‘B’ : විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳ තීරණය
‘C’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලයේ වාර්ෂික වාර්තාව
(ii) 2015 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනී සේවයේ වාර්ෂික වාර්තාව
(iii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2016 වර්ෂය සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2014 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තා
(vi) 2017 වර්ෂය සඳහා අධ්‍යපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 2016 වර්ෂයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(viii) 2016 අංක 20 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් අවසන් වරට සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 5(15) වගන්තිය යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ජූලි 02 දිනැති 2078/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(ix) 1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ 4 වගන්තිය යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජුනි 05 දිනැති 2074/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(x) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ සීගීස් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූලි 11 දිනැති අංක 2079/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -
(i) පාසල් ශිෂ්‍ය විනය කමිටු පරීක්ෂණ විධිමත් පරිදි සිදුකිරීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීම
ඇතැම් පාසල්වල ශිෂ්‍යයන්ගේ විනය ගැටලුවලදී විධිමත් විනය පරීක්ෂණ සිදු නොකොට ශිෂ්‍යයන් පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කරන අතර එමඟින් එම ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී විශාල අසාධාරණයකට ලක්වීමත්, බොහෝ දරුවන් දැඩි මානසික පීඩනයකට පත් වී, මානසික රෝගීන් වීමත්, ඇතැම් දරුවන් සමස්ත ගුරු ප්‍රජාවට මෙන්ම, සමාජයටම වෛර කරමින් සමාජ විරෝධී අපරාධකරුවන් වූ අවස්ථා ද දක්නට ඇති හෙයින්, පාසල් ශිෂ්‍යයන්ගේ විනය විරෝධී ක්‍රියාවලදී වඩාත් විධිමත් පරිදි හා අපක්ෂපාතී විනය පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කිරීම සඳහා උචිත වැඩ පිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(ii) බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස භාවිතා කරමින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව රජයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම
අප රට තුළ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණයෙන් දැනට සිටින්නේ 50% ක් පමණ වන අතර අ.පො.ස. (උසස් පෙළ) ජීව විද්‍යා විෂය ධාරාවෙන් ඉහළම සාමාර්ථ ලබා ගන්නා ශිෂ්‍යකයන් රැසකට රජයේ වෛද්‍ය පීඨවලට ප්‍රවේශවීමේ අවස්ථාව අහිමි වී ඇති අතර රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස භාවිතා කරමින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව රජයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(iii) පාසල් හා ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරඟාවලිවල තත්ත්වය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීම
පසුගිය වසර කිහිපයක සිටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැඩි කඩාවැටීමකට ලක් වී ඇති බැවින්, ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහා පාසල් හා ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රිකට් තරඟාවලිවල තත්ත්වය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(iv) සියලුම විශ්වවිද්‍යාලවල දැනට පවතින නවක වදය සම්පූර්ණයෙන් නැවැත්වීම සඳහා පවතින නීති ක්‍රියාත්මක කිරීම
විශ්වවිද්‍යාල තුළ හෝ ඉන් පිටත නවක සිසුන්ට මුහුණ දීමට සිදුවන නවක වදය සම්පූර්ණයෙන්ම වැළැක්වීම හා 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ප්‍රකාරව, එසේ නවක වදය ක්‍රියාත්මක කරන සියලුම පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(v) පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කිරීම
පුත්තලම දිස්ත්‍රික්කය අතිශය සුන්දර වෙරළ තීරයකට හිමිකම් කීවද, වෙරළ ඛාදනය, කඩොලාන විනාශ වීම, අනවසර ඉදිකිරීම් වැනි හේතු නිසා වෙරළ තීරය දූෂණයට ලක්වී ඇති බැවින්, පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අශෝක ප්‍රියන්ත මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1512 ට 2018 අගෝස්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






