2018 අගෝස්තු මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2018-08-09 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : “වෛද්‍ය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2016 වර්ෂය සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iv) 2015 වර්ෂය සඳහා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව
(v) 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vi) 2016 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(viii) 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix) 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(x) 2015 වර්ෂය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
විශ්‍රාමිකයින්ට බලපා ඇති වැටුප් විෂමතා
ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු වජිර අබේවර්ධන මහතා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නෝ ය.
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කෝනාවිල් නිවාස ව්‍යාපෘතිය සඳහා ණය ලබාදීම
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය, ගරු සජිත් ප්‍රේමදාස මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි උන්නිච්චෛයිකුලම් වැවෙහි වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ගොවීන් මුහුණ පා ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් 2018.06.07 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය, ගරු දුමින්ද දිසානායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(ii) මුලතිවු ප්‍රදේශයේ සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් 2018.07.06 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -
(i) සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව (තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම - පක්ෂව 95; විරුද්ධව 31)
(ii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව
(iii) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
කල් තැබීමේ යෝජනාව
“ජනමාධ්‍ය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ටී. රංජිත් ද සොයිසා මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1737 ට 2018 අගෝස්තු මස 10 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






