ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2018 අගෝස්තු මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2018-08-08

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(ii)   201‍5 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iii)  2016 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv)  2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(v)   2016 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vi)  2015/2016 වර්ෂය සඳහා සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව
(vii) 201‍6 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව

(viii) 2017 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix)  201‍7 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(x)   201‍7 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවට ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    තරුණ, ක්‍රීඩා, කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම  කාරක සභාවේ සභාපති ගරු සී. බී. රත්නායක මහතා වෙනුවට ගරු බිමල් රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවට ගරු බිමල් රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(iv)    ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් ගරු හර්ෂණ රාජකරුණා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ටී. බී. ඒකනායක මහතා        
(ii)   ගරු සනත් නිශාන්ත පෙරේරා මහතා 
                      
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු වේලු කුමාර් මහතා
(ii)   ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
(iii)  ගරු බිමල් රත්නායක මහතා
(iv)  ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා

 

අමාත්‍යාංශ නිවේදන

ජපාන ආධාර යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගොවීන්ට ලබාදුන් අත්ට්‍රැක්ටර් සහනාධාරය නැවත ගෙවීම සම්බන්ධයෙන් 2018.06.21 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -

(i)    බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
(ii)   ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ  නියෝග

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1506 ට 2018 අගෝස්තු මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි